latest post
Loading...

Recent Post

Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts
Thursday, December 24, 2015
අහස තරම් උසට දිගට
…සයුර තරම් ඈත  දුරට
…සම කරන්න බැරි තරමට
…නුඹට වඩා නම් නුඹ හට
…ආදරේ කලා ...
…මටත් වඩා මම නුඹ හට
…ආදරේ කලා ...
…මගෙ ලෝකෙට මගේ හීනෙට
…ඔයා ඇවිත් හෙමි හෙමිහිට
…කවදාවත් නැති තරමට
…මගේ හිතේ හැම කොනක්ම
…ආදරයෙන් තෙත් කරන්න
…නුඹේ හිතේ ආදරයට
…පුළුවන් වූයේ කොහොමද
…හිතා ගන්න මගේ හිතට
…තාම බැරි උණා .....

Thursday, March 6, 2014
නුබට .......

නුබට .......

නොදැනුනා වගේ ඈතට ගියාට ..
හීන පෙරසේමයි
නුබ වෙනුවෙන් ගෙතුනු ..
දුරක් ගොස් නැවත එන්නට
හැකි වෙද ?
කෙදින නම්
නුබට ...
හීන හීනම වෙවි
කෙදිනකවත් නුවන් තුලින්
දකින්නට බැරි ලෙසම ....
Friday, February 28, 2014
හිත ගිය දුර ,,,

හිත ගිය දුර ,,,


මගෙ තනියට ලග හිදින්න
තරුවක් වත් නෑ අහසට
මගේ පාලූ ගී අහන්න
නුබත් නෑ නේ මගෙ හිත ලග
හිත කොහෙදෝ දුරක ගිහින්
ආයේත් මගේ ලගට අවිත්
ඒත් මතක නෑ නේ හිතට
කොහෙදෝ ගිය දුර කියන්න
මමත් මගේ සිතුවිලි වල
ඔහේ ඉගිල්ලුනා නෙද ?
Tuesday, February 11, 2014
අතීතය

අතීතය



           මතක පොතේ පිටු අතරින්
දිවයන විට අතීතයට
ඔබගේ ඔය සුදු අත ගෙන
මතකයි මම කීව වදන්...
ළඟක ඉඳිමි, දුරක නොයමි
ඔය දෑසට කඳුළු නොදෙමි
හිනා තියන් ඉන්න කියා
මට කී හැටි ආද‍රයෙන්...
එකට බැඳුනු අත් වෙන් වී
වේදනාව හිතට දිදී
ඇයි ලංකර ගත්තේ මා
දමා යන්න දුකක් දිදී..
බලපොරොත්තුව

බලපොරොත්තුව





       ගණ අඳුර වෙලාගත්
නීලවන් අහස් ගැබ
පාළුවට ගොස් තිබේ
තරු එළිය නිවාගෙන...
සරා සඳ ගෙවී ගොස්
අමාවක සඳ ලබා
තව තවත් අඳුරු වී
පාළු වී ඇත අහස...
නමුදු යළි වාරයක්
පැමිණේවි සඳ මඬල
දිලිසේවි තරු පලස
එළිය කර අහස් ගැබ...

Sunday, February 9, 2014
…මගෙ මලගම දාට …ඇවිත් යන්නට එන්න ....

…මගෙ මලගම දාට …ඇවිත් යන්නට එන්න ....

නැවත කිසි දිනක නුබ
…එපා මට හමු වන්න ..
…ජීවිතෙ ගමන් මග
…නුබේ ජීවන සුවද ගෙන
…මගෙන් ඈතට යන්න
…සෙනෙහසක් සොයා ගෙන ..
…ගෙවා ආ ගමන
…නිමා වුනි නුබ ගාව
…මතක සැමරිම් අතර
…ගෙවුනු අතීතය ..
…සොදුරු සිත්තමක් ලෙසින්
…ගලා යයි මියැදුනු සොහොන ලග
…ඔබ එදින මා වෙත
…පිදූ ඔබෙ බැතිබර සුවද
…මගේ මතකයන් තුල සදා කල් රැදෙනු ඇත
…සන්සාරයේ යලිදු
…නවාතැන් සොයා යන
…මගෙ මලගම දාට
…ඇවිත් යන්නට එන්න ....
කදුල නුබ ...

කදුල නුබ ...



…හිතේ ගින්න නිවන්නට
…ගැලුවා නෙතු අගින්
…මහා වැස්සක් ලෙසට
…දුක තුනී වෙනතුරා
…ගලන්නට ඉඩ දී නුබට
…නිහඩ උනි මම
…මුවින් නොදොඩා ...
Monday, January 27, 2014
නැවතුම ...!

නැවතුම ...!


රිදුම් දෙන දෑස
මග බලන් හිටියා
හීනා අහුරක් අරන්
සතුට හිත පොදි බැදන්
සොයා එන තුරු
යලිත් ඔබ
මගේ සිත ,
තවමත් මග බලමි
හුන් තැනම නැවති ......

,,,,,,,,,,දෙව් ,,,,,,,,,


Monday, January 13, 2014
නුපුරුදු තනිකම

නුපුරුදු තනිකම

මගේ තනියට
…සිටිය නුබ අද
…කොහේදෝ ඇත සැගවිලා
…සිතේ තෙරපුනු ..
…මගේ සිතිවිලි
…හදේ තනියට නැවතිලා ..
…අවසන්ව ගිය මත සැමරුම්
…සතපන්න ලය මත මගේ ..
…පාලු ලොව තුල ,
…අතරමං කර ..
…දමා යන්නට
…කිමද ඔබ මට පෙම් කලේ ?

Sunday, January 12, 2014
…ඔබේ ඔය ආදරය

…ඔබේ ඔය ආදරය

සද පහන් රැයකට ...

සීතල තරු කැට පොදියකට ...

පිච්ච මල් සුවදකට ..

සමකල හැකිද ?

ඔබේ ඔය ආදරය ..

හිමි වුවත් නොවුනත් ...

නෙතු පියෙන තුරාවට ..

ආදරෙයි මම නුබට ...

සසර සරනා තුරා ..

ඔබ ලගින් හිදින්නට ..

පාරමී පුරමි මම ..

Quick Message
Press Esc to close