කවි හිත ගිය දුර ,,, මගෙ තනියට ලග හිදින්න තරුවක් වත් නෑ අහසට මගේ පාලූ ගී අහන්න නුබත් නෑ නේ මගෙ හිත ලග හිත කොහෙදෝ දුරක ගිහින් ආයේත් මගේ ලගට අවිත් ඒත් මතක නෑ නේ හිතට කොහෙදෝ ගිය දුර කියන්න මමත් මගේ සිතුවිලි වල ඔහේ ඉගිල්ලුනා නෙද ?
කවි අතීතය මතක පොතේ පිටු අතරින් දිවයන විට අතීතයට ඔබගේ ඔය සුදු අත ගෙන මතකයි මම කීව වදන්... ළඟක ඉඳිමි, දුරක නොයමි ඔය දෑසට කඳුළු නොදෙමි හිනා තියන් ඉන්න කියා මට කී හැටි ආදරයෙන්... එකට බැඳුනු අත් වෙන් වී වේදනාව හිතට දිදී ඇයි ලංකර ගත්තේ මා දමා යන්න දුකක් දිදී..
කවි බලපොරොත්තුව ගණ අඳුර වෙලාගත් නීලවන් අහස් ගැබ පාළුවට ගොස් තිබේ තරු එළිය නිවාගෙන... සරා සඳ ගෙවී ගොස් අමාවක සඳ ලබා තව තවත් අඳුරු වී පාළු වී ඇත අහස... නමුදු යළි වාරයක් පැමිණේවි සඳ මඬල දිලිසේවි තරු පලස එළිය කර අහස් ගැබ...
කවි මගෙ මලගම දාට ඇවිත් යන්නට එන්න .... නැවත කිසි දිනක නුබ එපා මට හමු වන්න .. ජීවිතෙ ගමන් මග නුබේ ජීවන සුවද ගෙන මගෙන් ඈතට යන්න සෙනෙහසක් සොයා ගෙන .. ගෙවා ආ ගමන නිමා වුනි නුබ ගාව මතක සැමරිම් අතර ගෙවුනු අතීතය .. සොදුරු සිත්තමක් ලෙසින් ගලා යයි මියැදුනු සොහොන ලග ඔබ එදින මා වෙත පිදූ ඔබෙ බැතිබර සුවද මගේ මතකයන් තුල සදා කල් රැදෙනු ඇත සන්සාරයේ යලිදු නවාතැන් සොයා යන මගෙ මලගම දාට ඇවිත් යන්නට එන්න ....
කවි කදුල නුබ ... හිතේ ගින්න නිවන්නට ගැලුවා නෙතු අගින් මහා වැස්සක් ලෙසට දුක තුනී වෙනතුරා ගලන්නට ඉඩ දී නුබට නිහඩ උනි මම මුවින් නොදොඩා ...