latest post
Loading...

Recent Post

Tuesday, April 29, 2014
------ආදරය -------

------ආදරය -------


ආදරේ...................... ම්ම්ම්.................... ආදරේ ගැන මෙහෙමයි මෙහෙමයි කියල හරියටම කියන්න පුලුවන් කෙනෙක් මේ ලොකේ නෑ .ආදරේ කියන අකුරු හතරේ අදහස හුගාක් අය වචන වලට පෙරගන්න අසාර්තක උත්සහයක යෙදෙනව .අපිට පුලුවන්ද ආදරේ මෙහෙමයි කියල හරියටම නිර්වචනයක් දෙන්න .මන් හිතන්නේ බෑ . කෝම උනත් මේ වචන කරන්න බැරි ආදරේ විවිධ පැතිකඩවල් තියෙනව . අපි ආදරේ කරන්න හිතපු ඒත් තාම කෙනෙක් හම්බෙලා නැති කාලේ ගමු .ඒ කාලේ තමයි හුගක්ම සුන්දරම කාලේ .මේ ලොකේ කොහේ හරි තැනක තමන් වෙනුවෙන් මේ වගේ කෙනෙක් මවල ඇති එයා මෙන්න මේ වගේ ඇති මේවගේ වෙන්න ඔනේ කිය කිය හිතින් මවා ගන්න කාලේ. එයත් මන් වගේ කොහේ හරි තැනක ඉදගෙන මන් ගැන මෙහෙම හිතනව ඇති කියල කල්පනා කරන කාලේ .වෙලාවකට මේ සිතුවිලි විකාරයක් වගේ වෙලාවක හිනහත් එනව හිතන දේවල් වලට .ඒ කාලේ හිතනව අපිට ඒ කෙනාව හමු උනොත් එයා අපිට එයාගේ ආදරේ මේ විදියට ප්‍රකාශ කරයි ඒ රූප රාමු පවා අපි හිතින් මවා ගන්නව .මෙහෙම බලාපොරොත්තු ගොඩක් පොදි බැදගෙන ආදරේ කරන්න හිතද්දි නොසිතූ විදියට ඔයාට ආදරේ කරන කෙනා ඔයාට ලැබෙනව .හිතට කොච්චර සතුටක් දැනෙයිද ?
ඔන්න ඉතින් දෙන්නම තමන්ගේ හිතේ තියෙන ඒ ආදරේ හිතේ හන්ගන් ඒක කියා ගන්න බැරුව ලත වෙන කාලේ . '' මන් ඔයාට ගොඩාක් ආදරෙයි '' කියල කියා ගන්න බැරුව වචන උගුරෙ හිර වෙනව .කොහොම හරි ඒ ආදරේ එයාට කියා ගත්තා කියමු .ඒත් හිතට බයයි එයා මට අකමැති වෙයිද ? එයාට දැනටමත් කෙනෙක් ඉන්නවද ආදරේ කරන්න ? එයාට ආදරේ කරන්න්න ගිහින් මේ තියෙන සමීප කමවත් මට නැති වෙයිද ? එයා මට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද ? කියල හිතනව . ගෑනුලමයත් මෙහෙම හිතනව කියමු . ඇයි එයා මට එයාගේ හිතේ තියෙන ආදරේ කියන්නේ නැත්තේ ? ඇස් වලින් පේන ආදරේ ඇයි එයා වචන වලට පෙරලන්නේ නැත්තේ ? කියල .ඉතින් ඔම මුලු ගැන්වුනු ආදරේ කෝම හරි කියා ගන්නව . ඒ හිත් දෙකට කොච්චර සතුටක්ද ? ආදරේත් එක්ක ගෙවන ජීවිතේ කොච්චර සුන්දරද කියල හිතේවි ඒ හිත් දෙකට .සොබාදහමේ හැම දෙයක්ම එයාලට ආශිර්වාද කරනව වගේ දැනේවි . කාලයක් ඔහොම සතුටින් ආදරේ කරාවි .දැන් ඒ දෙන්නට ඔනේ ඉක්මනට එක වහලක් යටට එන්න . ලස්සන මනමාලයෙකුයි මනමාලියෙකුයි වෙලා දෙමව්පියන්ගේ ආශිර්වාදෙත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න මේ දෙන්න දෙපැත්තක ඉදන් ගෙවන තනිකඩ ජීවිතෙට තිත තියල .
මේ හීනේ ඒ විදියටම සම්පූර්න කර ගන්න පුලුවන් වෙන්නේ මේ ලොකේ තියෙන ආදරණීය හිත් වලින් කීයෙන් කීයකටද ? ඒවා හැබෑකර ගන්න බැරුව දුක් විදින හිත් කොච්චරක් නම් මේ ලොකේ \ඇද්ද ? සමහරුන්ගේ ආදරේ වෙන කෙනෙක් අයිති කරගෙන .සමරුන්ට දෙමවුපියන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරේ කැප කරන්න වෙලා .තවත් සමහරුන්ට තමන් ආදරේ කරන කෙනාගේ සතුට එයගේ අනාගතේ වෙනුවෙන් ඒ දෙන්නගෙ ආදරේ කැප කරන්න වෙලා .තවත් සමහරු වැරදි වැටහීම් ඇති කරගෙන විශ්වාසය නැති කරගෙන අනවබෝදය නිසා තමන් මුලු සන්සාරෙම පතාගෙන ආපු ඒ ආදරේ අත ඇරල දාල දෙපැත්තක ඉදන් දුක් විදිනව .සමහරු තනියම දුක් විදිනව .අනිත් කෙනා තව ආදරේක පැටලිල ඒත් ඒ කී කාලෙකටද .කවද හරි එයාට දැනුනොත් තමන්ගේ ඇත්ත ආදරේ මේක නෙමෙයි මට ගැලපෙනම කෙනා එයා එයාම මන් කිසිම තේරුමක් නැති හේතුවකට , සමහර විට කිසිම හේතුවක් නැතුව මන් නැති කර ගත්ත කියල .මුලු ජීවිතේ ගෙවිලා ඉවර වෙනකන් ඒ පසු තැවීම තමන්ගේ හිතර දැනේවී .මේ ලොකේ කාගෙන් හැන්ගුවත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බෑ .හිතින් හුගාක් දුක් විදිනව .ඒත් පරක්කු වැඩියි .ආපහු හැරෙන්න බෑ . හුගක් වෙලාවට අපි අපේ හුගක්ම වැදගත්ම බැදීම් ලෙහල දාන්නේ අහේතුකව . ඒ නිසා ආදරේ කියන බලාපොරොත්තුව තව කෙනෙක්ට දෙන්න එපා එයා වෙනුවෙන් කැපකිරීම් කරන්න එයාට තමන්ගේ ජීවිතේ හැමදෙම කියන්න දුකෙදි සැපේදි එයා ලග ඉන්න වගේම තමන්ගේ හැමදෙමත් හන්ගන්නේ නැතුව එයාට කියන්න බැරි නම් .ආදරේ කියන වගකීම ගන්න එපා ඒ ආදර හිතට දුකක් නොදී බලා ගන්න බැයි නම් .
Quick Message
Press Esc to close