latest post
Loading...

Recent Post

Monday, January 27, 2014
නැවතුම ...!

නැවතුම ...!


රිදුම් දෙන දෑස
මග බලන් හිටියා
හීනා අහුරක් අරන්
සතුට හිත පොදි බැදන්
සොයා එන තුරු
යලිත් ඔබ
මගේ සිත ,
තවමත් මග බලමි
හුන් තැනම නැවති ......

,,,,,,,,,,දෙව් ,,,,,,,,,


Monday, January 13, 2014
නුපුරුදු තනිකම

නුපුරුදු තනිකම

මගේ තනියට
…සිටිය නුබ අද
…කොහේදෝ ඇත සැගවිලා
…සිතේ තෙරපුනු ..
…මගේ සිතිවිලි
…හදේ තනියට නැවතිලා ..
…අවසන්ව ගිය මත සැමරුම්
…සතපන්න ලය මත මගේ ..
…පාලු ලොව තුල ,
…අතරමං කර ..
…දමා යන්නට
…කිමද ඔබ මට පෙම් කලේ ?

ඉවරයක් නැති වැඩ

ඉවරයක් නැති වැඩ

අපිට කරන්න ලැබෙන වැඩ කොටස් දෙකකට බෙදන්න පුලුවන් ..,…

1. තමන් වෙනුවෙන් කරන වැඩ

2.අනුන් වෙනුවෙන් කරන වැඩ

…ගොඩක් අය අනුන්ට වඩා තමන්ට තමයි වැඩ කර ගන්න බලන්නේ .ඒක තමයි කාගෙත් ස්භාවය .තමන්ගේ වැඩ මුල් තැනට .දෙවනුව අනුන්ගේ දෙවල් .හැබයි ඉතින් සමහරුන්ට නම් එක දෙක කියල නෑ තමන්ගේ වැඩ විතරයි .මෙම තමයි අද හුගක් අය වැඩ කරන්නෙ .ඒත් බොහොම කලාතුරකින් තමන්ගේ වැඩ වලට වඩා අනුන්ගේ වැඩ වලට ප්‍රදාන තැන දෙන අතලොස්සකුත් ඉන්නව .ඒ අය නියම සමාජ සේවකයො ,තමන්ට කොහොම උනත් අනුන් ගැන බලන අය ඇත්තටම සුවිශේශී අය .ඒ කොහොම උනත් අපිට යමක් කමක් තේරෙන කාලෙ ඉදල අතපය වලoගු නැතුව තමන්ගේ වැඩ කර ගන්න බැරි වෙනතුරු අපිට වැඩ කරන වෙනව .…                  

තමන්ගෙ හරි අනුන්ගෙ හරි වැඩ වැඩි කරගන්නෙ තමන්මයි කියල කිවුවොත් වැරදි නෑ .ගොඩක් අය උත්සහ කරන්නෙ වැඩ වැඩි කර ගන්න මිසක් අඩු කර ගන්න නම් නෙමෙයි .එහෙම වැඩි කරගෙන වැඩ වැඩියි කියල කෑ ගහනව . නිකමට හිතල බලන්න අයි මෙහෙම වෙන්නෙ .? අපි තෝර ගන්න ඔනෙ මුලින් තමන්ට කරන්න පුලුවන් වැඩ එහෙම කරන්න පුලුවන් වැඩ වලට මුලින් ප්‍රමුකත්වය දෙන්න ඔනි .සමහර කෙනෙක්ට මේක තේරෙන්නෙ නැති වෙන්න පුලුවන් .වැඩ අනාගන්නව කියන්නෙ ඒකයි .මමත් අනන්තවත් වැඩ අනාගෙන තියෙනව :D      
…එහෙම වෙන්නෙ අන්තිමට කලාමයි මුලින් කල යුතු ඒව අන්තිමට කලාමයි එතකොට තමයි අවුල් ඇති වෙන්නෙ .ඇත්තම කිවුවොත් ඒ අවුල් ඇති  වෙනව නෙමි ඇති කර ගන්නව .වැඩ පැහැර හරිනවයි අනාගන්නවයි කියන්නෙ 2ක් වැඩ පැහැර හරිනව කියන්නෙ ඒ වැඩේ නොකර හිදීම .අනාගන්නව කියන්නෙ පුලුවන් කියල බාර අරන් බාගෙට කරල නවත්වන  එක උදාහරනයක් විදියට මාව ගත්තොත් මම මේ බ්ලොග් එක කරනව කියල පටන් අරන් බාගෙට කරල නැවැත්තුව එක  එක හේතු නිසා .ඒත් ආයේම  ඒ දුර්වල තැන් අවබොධ  කරන් අමාරුවෙන් හරි පටන් ගත්ත වැඩේ කරනවමයි කියල හිතන් ආයෙම ආව .…                             ඒ නිසා වැඩක් කරනකොට ඒක පොඅටන් ගත්දිම බලන්න ඔනෙ ඒ වැඩෙ කරන්න තමන්ට තියෙන පහසුකම් ගැන , කල හැකි නොහැකි බව සහ කාලය මෙ කරුනු කලමනාකරනය කර ගන්න පුලුවන් නම් ඔබ වැඩක් පටන් ගන්න සූදානම් :)…එහෙම නැත්තම් තමන් කොච්චර මහන්සි උනත් ඒ වැඩෙන් ප්‍රතිපලයක් නැති වෙන්න පුලුවන් .අනිත් අයගේ දෝශාරෝපන වලටත් ලක්  වෙන්න පුලුවන් .මටත් එහෙම උනා .කමක් නෑ අපි  වැටි වැටි ඔනේ නැගිටින්න එතකොට තමයි කවද හරි අපි ඉගෙන ගන්නෙ නොවැටී සිටින හැටි :D     
…           වැඩ කරන කලාව ප්‍රගුන කල යුතුයි .කරන්නන් වාලේ වැඩක් කරන්න එපා අවබොධෙන් කිරීමයි වැදගත් .තමන්ගේ  වැඩ  අනාගත්තොත්  පාඩුව තමන්ට විතරයි .ඒත් අනුන් වෙනුවෙන් කරන වැඩ අනාගත්තොත් ඒක මුලු සමාජයටම පාඩුවක් වෙන්න පුලුවන් .

Sunday, January 12, 2014
…ඔබේ ඔය ආදරය

…ඔබේ ඔය ආදරය

සද පහන් රැයකට ...

සීතල තරු කැට පොදියකට ...

පිච්ච මල් සුවදකට ..

සමකල හැකිද ?

ඔබේ ඔය ආදරය ..

හිමි වුවත් නොවුනත් ...

නෙතු පියෙන තුරාවට ..

ආදරෙයි මම නුබට ...

සසර සරනා තුරා ..

ඔබ ලගින් හිදින්නට ..

පාරමී පුරමි මම ..

Quick Message
Press Esc to close